2017 ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා “මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන මැයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදය
ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ලෙස සැලකෙන මැයි 03 වැනි දා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව විද්වත් කථිකාවක් පවත්වන ලදී. යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 1993 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙමගින් ලෝකය පුරා වෙසෙන මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට
