තොරතුරු දැනගැනීමේ පනත පිළිබද කෑගල්ලේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමත් සමග මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම වඩා වැදගත් කාර්යයක් බවට පත් වී ඇත. මෙම කර්තව්‍යයේ පෙරගමන්කරු බවට පත්වෙමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කරමින් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබද ජන මාධ්‍යවේදීන් දැනුවත් කර ඇත. මාර්තු මස 27 වන දින කෑගල්ලේ ස්ලික් හෝටලයේදී මෙම දැනුවත් කිරීම සිදු විය.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *