තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව දැන් ක්‍රියාත්මකයි!

තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සෙසු කොමසාරිස්වරුන් දෙදෙනා පත්කිරීම ඊයේ දිනයේ සම්පූර්ණ විය.මේ අනුව හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්.ඒ. සලාම් සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රම් ඊටේ දිනයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපි මෙසේ ලබාගත්හ.

ඒ.ඩබ්.ඒ. සලාම් ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ සේවය කළ කීර්තිමත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වන අතර, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රම් ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වේ.

තොරතුරු කොමිසම ක්‍රියාත්මක වීම සඳහා මෙතෙක් පැවති විශාලතම අවහිරය මේ අනුව අවසන් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන්ගේ විශාල ජයග්‍රහණයකි.
පනත ලබන වසරේ නිදහස් දිනයේ පටන්, එනම් 2017.02.04 වන දින පටන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *