Home SLPI News මාධ්‍ය නිවේදනය: අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය කුමක්දැයි නිසි ලෙස අර්ථ නිරූපනය...

මාධ්‍ය නිවේදනය: අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය කුමක්දැයි නිසි ලෙස අර්ථ නිරූපනය කරන ලද නීතියක් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී

වෙනත් බොහෝ රටවල පවතින ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබද නීතිය කුමක්දැයි නිසි ලෙස අර්ථ නිරූපනය කළ නීතියක් නොමැති බැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබද නීතිය පැහැදිලිව සදහන් කළ පනතක් සම්පාදනය කර බලාත්මක කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමඟ එක්ව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පියවර ගෙන ඇත.

අධිකරණයට අපහාස කිරීම පිළිබද නීතියට අදාළව එවැනි නිසි අර්ථ නිරූපනයක් සහිත නීති සම්පාදනය කිරීම දීර්ඝ කාලයක සිට පවතින අවශ්‍යතාවයක් බවද, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ සදහන් කර ඇත.

ජනාධිපති නීතීඥ, අභාවප්‍රාප්ත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ සභාපතීත්වයෙන් 2003 වසරේ දී පැවති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උපදේශක කමිටුව විසින් 2006 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම පිළිබද පනත් කෙටුම්පත ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවට ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සහ ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ අදහස් ද ඇතුළත්ව ඇත.

මේ සම්බන්ධව 2003දී සිදු කළ අදාල සළකා බැලීම්වලටත් වඩා ප්‍රබලව අද මේ පිලිබඳ ව සලකා බැලිය යුතුව ඇති බවත් ඊට අදාළ ශ්‍රී ලංකා නීතිය සහ නෛතික මූලධර්ම සංග්‍රහයක් සම්පාදනය‍ කළ යුතු බවට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ හැඟීම බවත් අමාත්‍යවරයා වෙත යැවූ එම ලිපියේ‍ සදහන් කර ඇත. අපහාසය සම්බන්ධයෙන් දඩුවම නීතියෙන් සීමා කළ යුතුය යන වැදගත් මූලධර්මයට අනුව ක්‍රියාපටිපාටියෙන් සහ අපහාසය සම්බන්ධයෙන් වූ බලය සාධාරණව හා යුක්තිසහගත ලෙස භාවිත කරනු පිණිස ශ්‍රී ලංකා නීතිය සහ ඊට අදාළ නෛතික මූලධර්ම සම්පාදනය කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීම පිළිබද එවන්  පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් යෝජනා කර ඇති ඕනෑම ඉදිරිපත් කිරීමක් පිළිබදව පැහැදිලි කිරීමට හැකියාව පවතී. ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය,  ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී  ලංකා පුවත්පත් ආයතනයේ හවුල්කාර සංවිධාන වේ.එහි අනුබද්ද හවුල්කරුවන් වන්නේ  ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්විධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ – ශ්‍රී ලංකා පාර්ශවය වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Workshop on Digital Media Literacy and Unmasking False Narratives – University of Peradeniya

We're delighted to announce the successful completion of yet another impactful workshop on "Digital Media Literacy and Unmasking False Narratives" This event was organized...

Workshop on Photojournalism

SLPI and ICFJ is inviting journalists to apply for a hands-on training on photojournalism by a two-time Pulitzer award-winning photographer Essdraz Suarez. Apply by September...

Program Officer

Passionate about project management and ready to make a difference? Join Sri Lanka Press Institute's team as a Program Officer! Don't miss out – apply now...

Workshop on Digital Media Literacy and Unmasking False Narratives – University of Ruhuna

Strengthening Digital Media Literacy for Youth: Empowering Future Leaders In today's internet age, where harmful narratives may quickly spread, it's crucial to teach young people...

Recent Comments