Home Fact Seeker ඡන්ද කාඩ් මුද්‍රණය අත්හිටවූ පුවත අසත්‍යයි – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

ඡන්ද කාඩ් මුද්‍රණය අත්හිටවූ පුවත අසත්‍යයි – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු රජයේ මුද්‍රණාලායාධිපතිනියට දුරකථන ඇමතුමක් දී දිස්ත්‍රික්ක 5ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත් හිටුවන ලෙස දැනුම් දී ඇති බවට ඉරිදා මව්බිම (07.06.2020) පුවත්පතේ සඳහන් වන පුවත සාවද්‍ය බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ කිසිවෙකු තමන්ට දුරකථන ඇමතුමක් දී දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත් හිටුවන ලෙස දැනුම් නොදුන් බවත් එවැන්නක් ලොග් සටහන් පොත්වල සඳහන් කර නැති බවත් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

තමන් වසර 34ක කාලයක් රජයේ මුද්‍රණාලයේ සේවය කරන බවත් සුපුරුදු ලෙස මැතිවරණ කාල වකවානුවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුවන ආකාරයටම මේ මොහොතේ ද ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුවෙමින් පවතින බවත් එතුමිය සඳහන් කරයි. තවමත් නිශ්චිත දිනයක් ලබා දී නොමැති නිසා දිස්ත්‍රික්කයන්ට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට යොදා ගන්නා දිනයන් දෙපාර්තමේන්තුවෙන් තීරණය කර ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවත්, සමහර දිස්ත්‍රික්කයන්ට අදාළ ඡන්ද පත්‍රිකා කඩිනමින් මුද්‍රණය කිරීමට මැතිවරණ කොමිසම තම දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර එම මුද්‍රණ දිනයන් වෙනස් කරන බවත් එසේ කරන්නෙ මැතිවරණ කොමිසමේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බව එතුමිය සඳහන් කරයි. එනම් දුර ඈත දිස්ත්‍රික්කයන්හි පත්‍රිකා කඩිනමින් මුද්‍රණය කිරීම හා එසේ නොවන දිස්ත්‍රික්කයින්හි පත්‍රිකා පසුවටත් මුද්‍රණය කිරීමටත් පවසන්නේ මැතිවරණ කොමිසමට ඒවා ප්‍රවාහනය කිරිම වැනි කාරණා පහසු කර ගැනීමට බව එතුමිය සඳහන් කරයි. ඇතැම්විට මුද්‍රණය සඳහා යොදාගන්නා ප්ලේට්වල ඇතිවන දෝෂ සහගත තත්ත්වයන් නිවැරදි කිරීම සිදුකරන තෙක් අදාල දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුවට කල්තබා වෙනත් දිස්ත්‍රික්කයන් හි පත්‍රිකා මුද්‍රණය කරන බවත් ඇය සඳහන් කරන ලදී. එලෙස මේ වසරේ පාර්ලිමේන්තුෙ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී එක් දිස්ත්‍රික්කයක නිවැරදි කිරීමක් හේතුවන්, සිම්බල්ස් නොලැබීම හේතුවෙන් සහ ප්ලේට් වලට සිදුවූ හානි නිසා සමහර දිස්ත්‍රික්කයන් හී ඡන්ද පත්‍රිකා තාවකාලිව අත් හිටුවා අනෙකුත් දිස්ත්‍රික්කයන්හි පත්‍රිකා මුද්‍රණය කරමින් යන බවත් එතුමිය සඳහන් කළා ය. එලෙස තාවකාලිකව මුද්‍රණය අත්හිටුවීම් හැරුණුකොට මව්බිම පුවත්පත වාර්තාකර ඇති ආකාරයේ දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවා නොමැති බව එතුමිය අවදාරණය කරයි.

- Advertisment -

Most Popular

Reminders on rise as WhatsApp update deadline looms

Users yet to accept new terms and conditions for the messaging platform WhatsApp will start to get "persistent" reminders after the 15 May deadline. The...

Palestinian reporters injured in Jerusalem, 21 media outlets destroyed in Gaza

Amid continuing violent clashes in Jerusalem with Palestinian reporters among the victims and Israeli airforce attacks on media outlets in Gaza City, Reporters Without...

2011-2020: A study of journalist murders in Latin America confirms the importance of strengthening protection policies

Journalists’ investigations of political issues, corruption, and organized crime in small and medium-sized cities in Brazil, Mexico, Colombia and Honduras account for 139 murders...

WAN-IFRA moves the World News Media Congress to 1-3 December 2021

2021-05-12. The prospect of an easing of international travel restrictions as COVID-19 vaccinations increase has prompted WAN-IFRA to shift the dates of its World News...

Recent Comments