Home SLPI News තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පුරවැසි දායකත්වය

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පුරවැසි දායකත්වය

English Article

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් 28දාට යෙදෙයි. අද දින ලෝකයේ හොඳම තොරතුරු නීතියකට හිමිකම් ඇති ශ්‍රී ලංකාවට පවතින තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් තහවුරු කරගැනීමට ඇති මංපෙත් විචාරයට ලක්කිරීමට මෙවන් දිනයක් වඩාත් කාලෝචිත නොවේද? තොරතුරු වෙත පිවිසීමට සැමට ඇති අයිතිය වඩාත් තහවුරු කර එය අන්තර්ජාතිකව පිළිගත් සම්මුතීන්ට සමකිරිම යහපත් වුවත් අප වැනි රටවල එය ඉතා අභියෝගාත්මකය.

කලාපීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ පවා ඉහළ පිළිගැනීමකට උරුමකම් කියමින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත (Right to Information Act – RTI) 2017 පෙබරවාරි 4දා බලගැන්වෙන්නේ, ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාව හා මාධ්‍ය ප්‍රජාව 18 වසරක පමණ කාලයක් අඛණ්ඩව ගෙනගිය අරගලයේ කූටප්‍රාප්තිය ලෙසයි. Centre for Law and Democracy හා Access Info Europe එක්ව දියත් කරතිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ ගෝලීය තක්සේරු කිරීම් අනුව 2016 සැප්තැම්බර් මස දී ශ්‍රී ලංකාව ගෝලීය දර්ශකයේ නවවන ස්ථානයේ ‍ශ්‍රේණිගත විය. අද වන විට ශ්‍රී ලංකාව එහි තෙවන තැනට උසස් වී ඇත උසස් වී ඇත.[1]  නිතිවිශාරදයින්ට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෝකයේ තොරතුරු දැනගැනීමේ පනත් සම්මත කළ අළුත් රටවල් අතර ක්‍රියාත්මක වන ප්‍රබලතම පනතකි,

තොරතුරු සංස්කෘතියක් RTI හරහා තහවුරු කිරීමෙන් බලාපොරොත්තු විය හැක්කේ මහජනතාව වෙනුවෙන් පවතින රාජ්‍ය සේවයේ රහස්‍යභාවය අහෝසි වී එහි විනිවිදභාවය හා වගවීමට අනුබල දීමකි.

මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් 1998 දී නිකුත් කළ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිලිබඳ වූ කොළඹ ප්‍රකාශය‘, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමටත් එය නීතිමය රාමුවක් දෙසට යොමුකිරීමටත් පුරෝගාමී වූ පියවරක් විය. තොරතුරු දැනගැනීමේ අයිතිය සාක්ෂාත් කරගැනීමට ඇරඹි දීර්ඝ අරගලයේ, කතිකාවතේ, හවුල්කරුවෙක් වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එම ගමනේ සියළු ජය පරාජයන් ඉදිරියේ සාක්ෂිකරුවෙක් විය. පසුබැස තිබු තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම, 2015 ජනවාරි මස රජය වෙනස් වීමත් සමඟ නැවත මතුවිය. මේ නව බලාපොරොත්තුවත් සමඟ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පැරණි කතිකාවතට නව මුහුණුවරක් එක්කරමින් RTI නීති කෙටුම්පත පිලිබඳවත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවත් මහජනතාව දැනුවත් කිරීමේ මෙහෙයුම ආරම්භ කළේය.

මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාපටිපාටියේ අඩුපාඩු පිලිබඳ දැඩි විවේචන පැවතියද, RTI නීතියට, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ උනන්දුවේ අඩුවක් නොවිය. අද වනවිට, RTI පනතට අනුකූලව, එය ක්‍රියාවට නැංවීමේ වගකීම පවතින්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයට. රාජ්‍ය ක්‍රියාවලියට සමගාමිව, ඊට බාහිරව දිවෙන RTI නීතියට ජනතාවගේ ප්‍රතික්‍රියාව නිරීක්ෂණය කෙරෙන ක්‍රියාවලියක අවශ්‍යතාවය හඳුනාගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කාර්යයට උරදීමට තීරණය කළේය. අනුව RTI නිතිය භාවිතා කිරීමට මහජනතාවට පහසුකම් සැලසීමක් වශයෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු අතර පුරවැසියන්ට අප හා සම්බන්ධ වීමට දුරකථන අංකයක් වෙන් කෙරිනි.

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මකවූ දිනයේ සිට ක්‍රියාත්මකවූ මෙම දුරකථන සහායක අංකය වෙත මහජනතාවගෙන් ඇමතුම් 286ක් ලැබුණි. මෙම ඇමතුම් රටාව අධ්‍යනය කිරීමේදී පෙනීගියේ මුල් සති දෙක තුළ ඇමතුම් සංඛ්‍යාව ඉහළ අගයක තිබු බවයි. දෙවන සතිය අතරතුර එහි යම් අඩුවීමක් දැකිය හැකිවිය. ඉන්පසු දින කීපයක් පසුවීමත් සමගම ඇමතුම් සංඛ්‍යාවේ ප්‍රගතියක් දැකිය හැකිවිය. තෙවන සතිය තුළ ලැබුණු ඇමතුම් සංඛ්‍යාව පෙරට වඩා ඉහළ අගයක් විය.

මහජනතාව දැනුවත් කිරීමේ සමස්ත ක්‍රියාවලියේ අඩුපාඩු පැවතියද අපගේ මෙහෙයුමේදී දක්නට ලැබුණේ නීතිය පරිහරණය කිරීමට වඩා උනන්දුවක් තිබුණේ කොළඹින් පිට පළාත්වල ජනතාවට බවයි. වැඩිම විමර්ශනයන් තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය සංඛ්‍යාත්මකව ගත්කල 38කි. කොළඹ විමසීම්වලට ලැබුණේ දෙවැනි තැනයි.එය 36කි . ඇමතුම් 36 පුද්ගලයින් ඔවුන්ගේ පළාත සඳහන් කිරීමට අකමැති විය. ඉතිරි ඇමතුම් 176 ලැබී තිබුණේ වෙනත් පළාත්වලිනි. අධ්‍යයනය කිරීමේ පහසුව උදෙසා අපි ප්‍රධාන අංශ පහක් තෝරාගතිමු. අනුව අධ්‍යාපනය, යටිතල පහසුකම්, සෞඛ්‍යය, රැකියා අවස්ථා හා තොරතුරු පනත යන අංශ තෝරා ගැනුණි.

11

ඉහළම ඇමතුම් සංඛ්‍යාවක් ලැබුණේ යටිතල පහසුකම් පිලිබඳ වූ අතර අතර මාර්ග සංවර්ධනය ප්‍රධාන විය. මෙයින් ගම්‍ය වුයේ, පළාත් පාලන ආයතන හරහා සිදුවූ ග්‍රාමීය සංවර්ධනයන් පිලිබඳ ජනතාව අතර වූ කුතුහලයයි. ප්‍රාදේශීය දේශපාලකයින්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම්, වංචා දූෂණ පිලිබඳ චෝදනාවන් ආදිය නිසා පුද්ගලයින් තම තමන්ගේ පළාත්වල ගම්වල සිදුවූ මාර්ග සංවර්ධනයන් ගැන අවධානය යොමුකරන්නට ඇතැයි සිතිය හැකිය. අනෙක් ඇමතුම් අතර වාරිමාර්ග සංවර්ධනය පිලිබඳවත් කුණු කසල බැහැරකිරීම් එකතුකිරීම් සම්බන්ධයෙන්ද විමසීමට ජනතාවගේ උනන්දුවක් තිබු බව පෙනිණි.

දෙවැනියට වැඩියෙන්ම විමසීම් තිබුණේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබඳවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත්ය.

22

අධ්‍යාපන අංශය පිලිබඳ විමසීම්වලට සහාය පතා ඇමතුම් සංඛ්‍යාව තෙවැනි තැන ගැනිණි. බොහොම දෙනෙක් ඇසුවේ පාසල්වලට දරුවන් ඇතුළත් කරගන්නා ආකාරය සොයාගන්නා අයුරුයි. මේ යටතේ ගුරු මාරුවීම්, විශ්‍රාම වැටුප් ප්‍රමාදවීම් හා විභාග ප්‍රථිපල පිලිබඳ සොයාබැලීම් ආදිය පිළිබඳව සහාය ඉල්ලා වූ ඇමතුම් ලැබුණි.

සෞඛ්‍ය අංශය පිලිබඳ විමසීම් නොලැබිණි. මීට අමතරව වාහන ලියාපදිංචිය පිලිබඳ විමසීම් ගණනාවක්ද ලැබුණි. තොරතුරු දැනගැනීමේ පනත පිලිබඳ බොහෝදෙනා දැනුවත් වී තිබුණේ මාධ්‍ය හරහායි. එයිනුත් බොහෝදෙනෙක් දැනුවත් වී තිබුණේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේය.සමස්තයක් ලෙස ජනතාව වඩාත් උනන්දු වී තිබුණේ ප්‍රාදේශීය පරිපාලන ආයතන හරහා සිදුවන ක්‍රියාවලින් පිලිබඳවය.

මේ නිරීක්ෂණයන්, පනත සම්මත වූ මුල් වකවානුවට අදාවේ. එම වකවානුව තුළ ජනතා ප්‍රතිචාරය ඉහළ යාම ස්වභාවික විය හැකියි. මෙහිදී පෙනුණු ප්‍රධාන කාරණය වන්නේ, තොරතුරු දැනගැනීමේ නිතිය ප්‍රතිඵලදායකවීමට නම් පුරවැසි දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවයි. ජනතාව නිතියෙන් වැඩියෙන් ප්‍රයෝජන ගැනීමෙන් රාජ්‍ය සේවයේ විනිවිදභාවයත් වගවිමත් සවිමත් වනු ඇත.

ජනතාවගේ උනන්දුව සක්‍රියව පවත්වා ගැනීම වැදගත්ය. මෙම ඇමතුම් සේවාව දියත් කිරීමෙන් අපට අවබෝධ වූයේ නිතිය නිසි අයුරින් පාවිච්චි කිරීමට ජනතාවට අනුබල දෙන ක්‍රමවේදයක්ද තිබිය යුතු බවයි. පනත නිසි අයුරින් ක්‍රියාත්මක වීම සහතික කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේත් තොරතුරු කොමිෂන් සභාවේත් වගකීමයි. ජනතාව නිතිය සක්‍රිය භාවිතා කිරීම සහතික කිරීම ක්‍රියාධරයන්ගේත්, සිවිල් සංවිධානවලත්, වෘත්තිමය ආයතනවලත්, මහජන නියෝජිතයන්ගේත් වගකීම වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙම දුරකතන අංකය ඔස්සේ අමතන්න : තොරතුරු දැනගැනීමේ දුරකතන අංකය 0703300700

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Reminders on rise as WhatsApp update deadline looms

Users yet to accept new terms and conditions for the messaging platform WhatsApp will start to get "persistent" reminders after the 15 May deadline. The...

Palestinian reporters injured in Jerusalem, 21 media outlets destroyed in Gaza

Amid continuing violent clashes in Jerusalem with Palestinian reporters among the victims and Israeli airforce attacks on media outlets in Gaza City, Reporters Without...

2011-2020: A study of journalist murders in Latin America confirms the importance of strengthening protection policies

Journalists’ investigations of political issues, corruption, and organized crime in small and medium-sized cities in Brazil, Mexico, Colombia and Honduras account for 139 murders...

WAN-IFRA moves the World News Media Congress to 1-3 December 2021

2021-05-12. The prospect of an easing of international travel restrictions as COVID-19 vaccinations increase has prompted WAN-IFRA to shift the dates of its World News...

Recent Comments