තොරතුරු දැනගැනීමේ අයිතිය යනු ?

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු ?

ඔබේ  පළාතේ පොදු මාර්ගය පිළිසකර කර නැතිද? ඔබ දන්නවාද මාර්ගය පිළිසකර කර නැත්තේ ඇයි කියා දැනගැනීමටඔබට අයිතියක් ඇති බව…? ඔබ දන්නවාද, ඔබේ දරුවා ළඟම  ඇති පාසලට ඇතුළත්  කර නොගත්තේ ඇයි කියා යන්න විමසීමට ඔබට අයිතියක් ඇති බව ඒ පමණක් නොව ඔබ දන්නවාද ඔබේ නගරයේ ජල ව්‍යාපෘතියට  අක්‍රිය වී ඇත්තේ ඇයි යන්න දැනගැනීමට ඔබට අයිතියක් ඇති බව..? මේ සියල්ල දැනගැනීමට ඔබට දැන් අයිතියක් ලැබී ඇත. ඒ ඔබේ තොරතුරු දැනගැනීමේ අයිතියයි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මේ දේවල් සහ තවත් බොහෝ කාරණා පිළිබඳ පුළුල් ලෙස තොරතුරු ලබා ගැනීමේ හැකියාව දැන් ඔබ සතුය.

RTI යන කෙටි නමින් හඳුන්වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතියයි. මේ සඳහා ඇතිකළ තොරතුරු දැනගැනීමේ පනත තුළින් පොදු අධිකාරීන්ගේ තොරතුරු ලබාගැනීම සිදුකළ හැකිය. තවත් ආකාරයකින් ගන්නේ නම් මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් පොදු කටයුතු සිදුකරන ආයතනවල සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතොරු සම්පූර්ණ වශයෙන්  හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඇතැම් රටවල්වල මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අයිතියක් ලෙස දැකිය හැකිය. සැබවින්ම මෙම අයිතිය ”‍තොරතුරු නිදහස”‍, විවෘත වාර්තා”‍, සන්ෂයින් නීතිය”‍ ලෙසටද අර්ථ දක්වනු ලබයි. ඇතැමුන් මෙය පුරවැසියන්ට රජය පිළිබඳ සහ රජයේ ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන නීතිය ලෙස මෙම තොරතුරු දැනගැනීමේ නිතිය හදුන්වනු ලබයි. තොරතොරු දැනගැනීමේ අයිතියට ප්‍රකාරව පොදු අධිකාරීන් දෙසට අවධානය යොමු කිරීමේදී පුරවැසියා  විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් ලබා දීමට බැදී සිටියි. එනම් ඕනෑම භෞතික ස්වරූපයකින් ඇති සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් ලිපි, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍ර  ලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, පරිගණක වාර්තා, සාම්පල්, ආදේශක, හුවමාරු වන ලිපි, සන්දේශ, නීති කෙටුම්පත්, පොත්, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්‍රස්තාරමය සටහන්, සේයාපට යනාදී වර්ග 43ක් සහ තවත් එවැනි දේ පුරවැසියා ඉල්ලා සිටින තොරතුරක් ලබාදීමට පොදු අධිකාරීන්ට නොහැකිනම් ඒ යම් කෙනෙකුගේ පුද්ගලික තොරතුරු, ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය, වාණිජ රහස් හෝ බුද්ධිමය දේපළ, පුද්ගලික වෛද්‍ය වාර්තා,පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හානි කරන තොරතුරු, අධිකරණ අපහාසය හෝ අධිකරණයේ අපක්ෂපාතී බවට හානි කරන තොරතුරු, ප්‍රසිද්ධ විභාගයක් පිළිබඳ තොරතුරු හෝ මැතිවරණ කොමසාරිස් විසින් පැවැත්වූ මැතිවරණයක් පිළිබද තොරතුරු ආදී තොරතුරු ලබාදීමට නොහැකි තොරතුරු ලෙස හැදින්විය හැකිය.

මෙම තොරතුරු දැනගැනීමේ පනත මෙරට තුළ  පිහිටුවා ඇත්තේ මෙරට විනිවිදභාවය, රජයේ වගකිව යුතු බව, දූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රතිපත්ති සැකසීමට මහජන සහභාගිත්වය ලබා ගැනීම ආදී කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මූලික කරගැනීමටය.

 

 

RTI Act, No. 12 of 2016 – Sinhala