තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු කුමක් ද?

පනතේ වැදගත්කම

+
  • රජයේ සහ පොදු අධිකාරීමය ආයතනවල තීරණ පුරවැසියන්ගේ ජීවිතවලට බලපෑම් කරයි. එබැවින් පුරවැසියන් කෙරෙහි බලපෑමක් සිදු කරන තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට ඔවුන් කොටස්කරුවන් වීම අවශ්‍ය වේ.
  •  තමන්ට අදාළ වන ආණ්ඩුවේ තීරණ දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබේ.
  • රජය, රාජ්‍ය ආයතන සහ පොදු ජන ජීවිතයට බලපෑමක් කරන පෞද්ගලික ආයතන පවා පුරවැසියන්ට පිළිතුරු දීමට බැදී සිටී.
  •  පනත තුළින් පුරවැසියන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඔවුන්ගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම ක‍්‍රියාවට නැංවීමට පහසුකම් සලසයි.
  • පනත මගින් පොදු අධිකාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේදී, අනුගමනය කළ යුතු ක‍්‍රියාවලිය සහ යාන්ත‍්‍රණය දක්වයි.

 

පනතේ ප‍්‍රධාන මූලධර්ම කිහිපයක්

+
  • උපරිම ලෙස හෙළිදරව් කිරීමේ මූලධර්මය මගින් හැකිතරම් තොරතුරු හැකිතාක් දුරට ප‍්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුවට නියම කරනු ලැබේ.
  • ඒ අනුව ඔවුන්ගේ සන්තකයේ ඇති නිල තොරතුරු ලබා ගැනීමට මහජනතාවට හැකි විය යුතුය.
  • තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම යුක්තිසහගත කිරීමේ භාරය ආණ්ඩුව සතු වේ.
  • ප‍්‍රගාමී හෙළිදරව් කිරීමේ මූලධර්මය.තොරතුරු වෙත ප‍්‍රවේශවීම සදහා ගාස්තුවක් ගෙවීමට පුරවැසියන්ට අවශ්‍ය නොවන පරිදි පොදු අධිකාරීන්ගේ තොරතුරු සාමාන්‍ය කරුණක් ලෙස ප‍්‍රසිද්ධියට පැමිණවීම මෙයින් අදහස් වේ. ඒ අනුව තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇති වේ.
  • පළ කිරීමට බැ`දීසිටීමේ මූලධර්මය. පොදු අධිකාරියක් තොරතුරු ඉල්ලීම්වලට හුදු ප‍්‍රතිචාර දැක්වීමකින් තොරව මහජනතාවට වැදගත්කමක් ඇති තොරතුරු තමන් විසින්ම පළ කිරීම හා ව්‍යාප්ත කිරීම සිදු කළ යුතුය යන්න මෙයින් අදහස් වේ.
  • හෙළිදරව් කිරීම පුර්වගාමී වීමේ මුලධර්මය උපරිම  හෙළිදරව් කිරීමේ මුලධර්මයට අනුකූල නොවන සියලුම නිතී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට යටත් විය යුතු බව මෙමගින් සහතික කරයි.පනත මේ සම්බන්ධයෙන් පනවා ඇති කිසිදු වෙනත් නීතියකට වඩා පුර්වගාමී වේ.

ප‍්‍රවේශ විය හැකි තොරතුරු

+
  • ප‍්‍රවේශ විය හැකි තොරතුරුවලට ඇතුළත් වන දේ; ඕනෑම භෞතික ස්වරූපකින් ඇති සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක‍්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප‍්‍රවෘත්ති පත‍්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත‍්‍ර, රූපසටහන්, රූපමය හෝ ප‍්‍රස්තාරමය වැඩ හෝ ඡුායාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත‍්‍ර ම`ගින් කියවිය හැකි වාර්තා, පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය.
  • මෙය මහජනතාවට ඍජුවම බලපාන සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය ආදී ව්‍යාපෘති සම්බන්ධ ගැටලූවලට ද අදාළ විය හැකිය.
  • එහෙත් මෙම අත්පොතේ 6වැනි පරිච්ජේදයේ විස්තරාත්මකව දක්වා ඇති ඇතැම් අවස්ථා යටතේ ඇතැම් තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකිය.
  • මෙම නීතිය යටතේ තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකි අවස්ථාවලදී පවා එවැනි තොරතුරු ලබා ගැනීම ස`දහා ද දොරටුව විවෘත කළ හැකි මහජන සුභසිද්ධිය නමැති අතික‍්‍රමණ සාධකයක් තිබෙන බව ද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබ`ද පනතේ ඇතැම් විධිවිධාන10 කථානායකතුමා පනත සහතික කළ දිනයේ සිට බලාත්මක විය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබ`ද කොමිෂන් සභාව පිහිටුවීම සහ තොරතුරු නිලධාරීන් පත් කිරීම මේවාට ඇතුළත් වේ. අනෙක් සියලූම විධිවිධාන, පනත ක‍්‍රියාත්මක වී මාස 6 – 12 කාලපරිච්ජේදයක් ඇතුළත විෂයභාර අමාත්‍යවරයා විසින් එය ගැසට් කිරීමෙන් පසුව ක‍්‍රියාත්මක වේ.