RTI – ජනතා බලවේගයට පණක්

RTI – ජනතා බලවේගයට පණක්

- in පුවත්
411
0
sczc

රජයේ පාරදෘශ්‍යභාවය හා වගවීමට අනුබලදීම : දුෂණය පිටුදැකීම පුරවැසියා යහපාලනයේ ප‍්‍රධාන භුමිකාව කිරීම

අවබෝධාත්මකව, විවේචනාත්මකව මෙන්ම ප‍්‍රසංශාවන් සමානව ලබමින් තොරතුරු දැනගැනීමේ පණත සාර්ථක දෙවෙනි වසරට පාතබා ක‍්‍රියාත්මක වෙමින් පවතී. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී වසරක් සපිරීම නිමිත්තෙන් වූ ජාත්‍යන්තර සමුළුව ”‍තොරතුරු දැනගැනීමේ අයිතියෙන් බලගැන්වුණු රටක් – වසරක විමසුම”‍ යන පාඨය ඔස්සේ පසුගියදා කොළඹදී පැවැත්වෙන්නට විය.මෙම ජාත්‍යන්තර සමුළුවේ සැසි සමාලෝචනය කිරීමේදී උද්දීපනය වූ ප‍්‍රධාන කරුණ වුයේ තොරතුරු දැනගැනීමේ පනත හා ජනතා බලය යි. මෙහිදී ලෝකය පුරා තොරතුරු පනත ඔස්සේ ජනතාව ක‍්‍රියාකරන ආකාරය පිලිබඳ දෙස් විදෙස් විද්වතුන්ගේ අත්දැකීම් අදහස් හුවමාරු විය.

එමෙන්ම තොරතුරු පනතේ සර්ථක අසාර්ථකත්වය පිළිබද පමණක් නොව මෙම පනතේ ඇති බලය සාමුහික ප‍්‍රයත්නයේ වටිනාකම ඒ ඔස්සේ ලබාගත් හැකි ජයග‍්‍රහණ, දුෂණ වංචාවන්ට එරෙහිව නැගීසිටීමට ඇති හැකියාව ආදී බොහෝ කරුණු කරනා මෙහිදී සාකච්චා විය.දේශීය සහ විදේශීය විද්වතුන්ගේ අදහස් වලට අනුව මෙම ගතවුණු වසර තොරතුරු පනත සමග එක්ව ගත වූ ප‍්‍රගතිශීලි වසරක් වූ අතර මෙය තවදුරටත් සාර්ථකව භාවිතා කිරීමටනම් මහජනතාව අතරට මෙය තවදුරටත් ගෙනයා යාමටත්,ඒ කෙරෙහි ඇති ජනතා සහභාගිත්වය පුළුල් කිරීමත් අවශ්‍යබව ඔවුන් තවදුරටත් පෙන්වා දුනි.

සභාව පිළිගනිමින් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපතිතුමන් වන කුමාර් නඩේසන් මහතා අවධාරණය කළේ දේශීය සහ විදේශීය සාධක මුලික කරගනිමින් මෙම පනතේ වැදගත්කම සහ මෙහි ක‍්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි.

”‍තොරතුරු දැනගැනීමේ පණත පිළිබද අනෙකුත් රටවල් තුල ඇති අත්දැකීම් බෙදා ගැනීම රටක් වශයෙන් අපට වැදගත්වන අතර ඒ ඔස්සේ මෙම තොරතුරු පනත සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාධක ඔවුන්ගෙන් අපට ලබාගත හැකිය.

එමෙන්ම පුරවැසියෙක් ලෙසට මෙම පනත ඔස්සේ තොරතුරු ලබා ගැනීම පිළිබද දැනුවත් වියයුතු අතර ඒ ඔස්සේ ගමන් කළ යුතුය. එමෙන්ම මාධ්‍යවේදීන් මෙය මහජනතාව අතරට ගෙනයාම සදහා අවශ්‍ය මුලික අධිතාලම සැකසිය යුතු බවට තවදුරටත් නඩේසන් මහතා පවසා සිටියේය.

නඩේසන් මහතා වැඩිදුරටත් විස්තර කළේ තොරතුරු පනත, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති තොරතුරුවලට පිවිසීමේ අයිතිය තවදුරටත් තහවුරු කරයි. මෙය රජය බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවකි.

තොරතුරු නීතිය රාජ්‍ය සේවාව තුළ වගවීම හා විනිවිදභාවය ස්ථාවර කිරීමට ඇති අවශ්‍යතාව ඉස්මතු කරයි, ඔහු පැවසිය. මෙම නිතිය සත්‍ය වශයෙන්ම දුෂණය, වංචාවට එරෙහිව සටන් කරමින් රට ප‍්‍රගතිශීලි කිරීමට පුරවැසියාට බලය ලබා දෙයි,නඩේසන් මහතා අවධාරණය කර සිටියේය.

තොරතුරු පනත ස්ථාපිත කිරීමේ අරගලය වසර 24ක අතීතයකට දිව යනවා. 1998 ප‍්‍රකාශයට පත්වූ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිලිබඳ වූ කොළඹ ප‍්‍රකාශනයේ පැහැදිලිව සඳහන් ව තිබෙනවා.එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය සංවිධාන පහ එකතුව කළ බලපෑමක්,”‍ නඩේසන් මහතා විස්තර කළේය.

කොළඹ ප‍්‍රකාශයේ 2.1 වගන්තියට අනුව – ‘රහස් යන්න පුළුල් සහ අනියමිත ලෙස නිර්වචනය කර ඇති නිල රහස් පනත අහෝසි කර, ඒ වෙනුවට තොරතුරු හෙළිදරව් කිරීම කාරණයක් හා රහසිගතභාවය ව්‍යතිරේකයක් ලෙස සලකන්නා වූ තොරතුරු නිදහස පිලිබඳ පනත පැනවිය යුතුය,”‍

තවදුරටත් සමුළුව අමතමින් නඩේසන් මහතා පැවසුවේ තොරතුරු දැනගැනීමේ පනත සැබෑ වුයේ, මාධ්‍ය සගයින් හා සිවිල් ක‍්‍රියාධරයින් ඒ බලාපොරොත්තුව අත්නොහැරිය නිසයි.

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ නෝවේජියානු තානාපතිවරයා වන ගරු Thorbjørn Gaustadsæther මහතා පෙන්වාදුන්නේ තොරතුරු දැනගැනීමේ පනත හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස එක්ව ගත කළ එය ඕනෑම රටක පුරවැසියාගේ සතුට සහ තෘප්තිය සමග බැදි පවතින බවයි.

ඔහු තව දුරටත් පවසා සිටියේ තොරතුරු දැනගැනීමේ පණත ඕනෑම සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව ඉස්මතු කරන ක‍්‍රියාවලියක් බවත් පුරවැසියාගේ යහපැවැත්ම සදහා වන අත්‍යවශ්‍ය අංගයක් වී ඇති බවත්ය. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සදහා මහගු අත්වැලක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත ක‍්‍රියාත්මක වන බව ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරන්නට විය.

තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කර මහජනතාව බල ගැන්වීම සහ රජයේ විනිවිදභාවය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීමේ මුලික බලවේගය ලෙසට කටයුතු කළ යුත්තේ රටක සිවිල් සමාජ සංවිධාන සහ ජනමාධ්‍යයයි. තොරතුරු ලබගින්ම සහ එහි ක‍්‍රියාපටිපාටිය පිලිබඳ සමාජය දැනුවත් කිරීමේ විශාල වගකීමක් කාර්යභාරයක් ඔවුන්ට පැවරෙන බව තානාපතිවරයා කළේය.

ප‍්‍රගාමී තොරතුරු හෙළිදරව්ව

මෙම නිතිය ඔස්සේ රටක් නීතිමය වශයෙන් පුරවසියා හට තොරතුරු ලබාදීමට බැදී සිටි. රාජ්‍ය ආයතන තුලින් පුරවැසියාහට වඩාත් ශක්තිමත් ඵලදායි කාලින තොරතුරු ලබාගැනීමේ අයිතිය උදාවනු ලැබේ. මෙය රාජ්‍යයක විනිවිදභාවය සහ වගවීම ප‍්‍රවර්ධනය කරන මෙවලමක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත හැදින්විය හැකිය.

ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වන ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු වන අන්ජලී බාරද්වාජ් මහත්මිය තොරතුරැ අයිතිය පිලිබඳ ක‍්‍රියාකාරිනියක් ලෙස වසර ගණනාවක් ඉන්දීය සමාජයේ පහලම ස්ථරයේ ක‍්‍රියාකාරීව කටයුතු කරමින් ලැබූ අත්දැකීම් විස්තර කරමින් තොරතුරු පුර්වව හෙළිදරව් කිරීමේ (ප‍්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමේ  වාසි මෙන්ම අවාසිද පෙන්වා දුන්නාය.

ඉන්දියාවේ තොරතුරු ලබාදීමේ වැදගත්ම ක‍්‍රමවේදය තොරතුරු පුර්වව ලබාදීම වන නමුත් එම ක‍්‍රියාවලිය ඉතා දුර්වල මට්ටමක පවතින බව සඳහන් කලේ වගවීම සහ වගකීම් සහගත බව නොමැතිවීම ඊට හේතුව බවද පැහැදිලි කළාය. තොරතුරු ලබාදීම සම්බන්දව වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඉන්දීය තොරතුරු  නිතිය නිහඬ බවද පේනවා දෙන්නට විය.

කෙසේ නමුත් බිය මෙන්ම ව්‍යාකූලත්වය මධ්‍යයේ වුවද ඉන්දියානුවන් මිලියන 46ක් වාර්ෂිකව තොරතුරු ඉල්ලූ‍‍ම්පත් ඉදිරිපත් කරනන් බව පැවසු ඇය ඔවුන්ගෙන් බහුතරය දුප්පත් සහ සමාජයේ අසාධාරණයට ලක්වුවන් බවද සඳහන් කළාය.

තම සංවිධානය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය ප‍්‍රවර්ධනය කරීම සඳහා පවතී මහජන වැඩසටහනකදී සහභාගිවූවන් අතර සිටි කාන්තාවන් පිරිසක් නැගීසිටි මෙම නිතිය හරහා තමන්ගේ වියළි අහාර සලාකය නැවත ලබාගැනීමට හැකිවේදැයි නෙම තමන්ගේ වැඩිමහලූ‍‍ අයට ඔවුන්ගේ ව්ෂම වැටුපේ පවතින විෂමතා දුරුකරගැනීමට හැකිවේදවිමසු බව පැවසුවාය.

නව දිල්ලියේ දුගී පැල්වල ජිවත්වන ජනතාවට තම ජිවිතයේ පළමු වතාවට තමන්ගේ වියළි සලාක සහණාධාරය දුෂණයට වංචාවට ලක්වූ ආකරය පිළිබඳව තොරතුරු අයිතිය හරහා තොරතුරු ලබාගැනීමට හැකිවූ බවද ඇය පෙන්වදුන්නය. තොරතුරු අයිතිය හරහා  ලබාගත තොරතුරු යොදාගනිමින් රජයට බලපෑම් කළ මෙම දුප්පත් ජනතාව බියවැද්දීම් පරාජය කරමින් ආහාර දෙපර්තුමෙන්තුවේ නිලධාරීන්සහ වෙළදුන් අතර පවතී වංචනික ගණුදෙනු අවසන කරමින් වියළි සලක බෙදාහැන්ම වෙලාගෙන තිවු දුෂණ අවසන් කිරීමට සටන් වැදී බවද ඇය පැවසුවාය.

”‍මෙම නීතිය නොකඩවා යොදාගැනීම මගින් තම දුෂණ වංචා සහ රහසිගත ව්‍යාපාරික ගිවිසුම් අහෝසි වන බැවින් බලයේ සිටින පුද්ගලයන තොරතුරු අයිතිය ප‍්‍රයෝජනයට ගනු ලබන කාන්තවන සහ පිරිමින් බියවද්දීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය. ජනතාව තොරතුරු අයදුම්පත ඉදිරිපත් කිරීමට පමණක සිමා නොවූ බවත් ඔවුන් මහජන මණ්ඩප සමුළු ඔස්සේ මෙන්ම මාධ්‍ය ඔස්සේ ද දුෂණ පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් වංචාවන් නිවැරදි කරන තෙක් සටන් කෙරූ බවද ඇය පැවසුවාය. ඇය මේ බව කියා සිටියේ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව තොරතුරු අයිතියෙන් ප‍්‍රයෝජන ගත ආකාරය තවදුරටත් පැහැදිළි කරමිනි.

බලය නොමැති මෙන්ම සැමවිටම අසාධාරණයට ලක්වීමට ඉඩක් කඩක් තිබෙන ජනතාව තමන්ගේ මුලික අයිතීන් උල්ලංගණය කෙරුණු මහා පරිමාණ වංචාවලට එරෙහිව සටන වදිමින් තමන්ගේ මුලික අයිතීන් සාක්ෂාත් කර ගැනීමට සටන් වැඩි බවද ඇය පැවසුවා.

ප‍්‍රගාමී ලෙස තොරතුරු පලකිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළ බ්වරද්වාජ් මහත්මිය ඉන්දියාවේ තොරතුරු අයිතිය යොදාගනිමින් ජනතාව ඉල්ලා සිටින තොරතුරු වලින් 70% කම දැනට පවතින නීති රීති යටතේ ප‍්‍රචාරය කර තිබිය යුතු තොරතුරු බවද සඳහන් කළාය.

”‍තොරතුරු පනත භාවිතා කරන ජනතාව, රජයට දැඩි පීඩනයක් එල්ල කර සිටිනවා මෙම ක‍්‍රමවේදය ස්ථාපිත කරන ලෙස,”‍ ඇය සඳහන් කලාය.

ශ‍්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ පනතේ භාවිතය ඉස්මතු කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(Transparency International)ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ කළමනාකාරීනී සංඛිතා ගුණරත්න පවසා සිටියේ තොරතුරු දැනගැනීමේ පණත වෙනුවෙන් පෙනී සිටින බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කිරීමට ලැබීම විශේෂිත අත්දැකීමක් වූ බවයි.

තොරතුරු දැනගැනීමේ පනත සබැදුණු සාර්ථකත්වයන් සහ ජයග‍්‍රහණ බොහොමයක් ඇති බව ඇය පැවසු අතර ඉන් එක් සුවිශේෂී කතාවක් ලෙසට වවුනියාවේ නිවාස ණයක් පිළිබද සිදු කළ තොරතුරු ඉල්ලීම පැහැදිලි කළාය. මෙහිදී ඉල්ලූ‍‍ම්කරු නිවාස ණයක් පිළිබද කළ විමසීමේදී ඔහුට බලපෑම් කළ එම රාජ්‍ය නිලදාරියා තොරතුරු අයදුම්පත ඉදිරිපත් කිරීම සම්බන්දව තමාගෙන් ලිඛිතව සමාව අයදින ලෙසට ඉල්ලූ‍‍ම්කරු වෙත දන්වා සිටි අතර පසුව එම සිදුවීමට අදාළව විමර්ශන සිදුවන බව දැනගත් පසු එම නිලදාරිය එම සිදුවීම අත්හැරදමු බවත් ඇය කීවාය.

මොණරාගල ප‍්‍රදේශයෙන් වාර්තාවුණු සිදුවීමක් ලෙස ගංවතුර සහණාධාර පිළිබද තොරතුරු ඉල්ලීම් කළ අවස්ථාවේදී ඉල්ලූ‍‍ම්කරුවෙකු විසින් කළ තොරතුරු ඉල්ලිමකදී ග‍්‍රාමනිලධාරී විසින් අදාළ ඉල්ලූ‍‍ම්කරුට ගම්වාසීන් ඉදිරියේ බැනවැදී අපසසුත්වයට ලක්කොට ඇත. එහිදී ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය මිට මැදිහත් වී ඉල්ලූ‍‍ම්කරුට සහයෝගය ලබාදී ඇත. අවාසනාවකට මෙවැනි අවස්ථා අක්කරේපත්තුව, කින්නියා ආදී තවත් ප‍්‍රදේශ වලින් වාර්තාවී ඇත.
සර්වෝදය නියෝජන කරමිනි මෙම ජාත්‍යන්තර සමුළුවට පැමිණි එහි විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා මහතාද තොරතරු පණත ඔස්සේ ඔවුන් ලද අත්දැකීම් විස්තර කළේය. අවදානම් සමාජ කණ්ඩායම් සමඟ ක‍්‍රියාකිරීමේදී ඔවුන් දුටු දේ නම් තොරතුරැු පණත යටතේ අයදුම්කල වැඩි දෙනා දිළිඳු සමාජ කොට්ටාශවලින් වීම විශේෂයක් විය.
මධ්‍යම ප‍්‍රන්තිකයන් තම පුද්ගලික සම්බන්දතා මත තම අවශ්‍යතා කෙසේ හෝ ඉටුකරගනු ලැබුවත් එය දිළිදු පුද්ගලයන්හට එසේ කිරීමට නොහැකි බවට ඔහු තවදුරටත් අවධාරණය කරනන්ට විය.
තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ ලංකාව තුළ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග,වැඩවර්ජන ආදිය පැවැත්වුවත් ඒ වෙනුවට යොදාගත් හැකි ප‍්‍රබල අවියක් ලෙසට තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කිරීමට තරම් සමාජය මුහුකුරා ගොස් නැති බවයි.

තොරතුරු දැනගැනීමේ පනත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන බලයක්. එහෙත් එය මුහුණදෙන බාධක සහ ව්‍යුහාත්මක ප‍්‍රශ්ණ විසඳාගත යුතුයි. එය අවධානයට නොගතහොත් අප බලාපොරාත්තු වන වෙනස රටේ සිදු නොවනු ඇති.”‍රාජකරුණා පැවසිය.

ඉන්දීය අත්දැකීම් බෙදාගනිමින් ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් පැමිණි අම්රිතා ජෝරී මෙනෙවිය පැවසුයේ එරටේ ජනතාව මෙම නිතිය සැදීමේ මුල් අවදියේ සිටම එයට සම්බන්ධ වූ බවයි.

නීතියේ අවශ්‍යතාවය මතුකලේ දුප්පත් ජනතාවයි. ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමට, අහාර ලබාගැනීමට ඔවුන්ට ඇති අයිතිය තහවුරු කිරීමට මෙම නිතිය උපකාරවන බව ඔවුන් තේරුම්ගත්තා. ඉල්ලූ‍‍ම වැඩිවීමත් සමඟ තව බොහෝ ජනතාව එක්වුවා,ඇය විස්තර කරන්නට වුවාය.

තවදුරටත් විස්තරකරමින් අම්රිතා පැවසුයේ සමාජයේ කුලහීන ජනතාව, ඉඩම් අයිතීන්, අනවසර වැලිගොඩදැමීමට එරෙහි ව වැඩ කරන ජනතාව තොරතුරුපණත ඉතා සුක්ෂමව භාවිතා කරන බවයි.

සමුළුවෙන් නැගුනු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අම්රිතා පැවසුවේ එකිනෙකාගේ අදහස් වෙනස් වුවත් ඉන්දියාවේ සිවිල් ක‍්‍රියාධරයින්,තොරතුරු නිතිය දුර්වල කිරීමට කෙරෙන උත්සාහයන්ට එරෙහිව ක‍්‍රියාකිරීමේදී එක්ව කටයුතු කරන බවයි. මෙම නිතිය දුර්වල කිරීමට එරෙහිව ජාතික ව්‍යපටයක් දියත් කිරීම අවශ්‍යබව ඇයගේ හැඟීමයි.

ජෝරි තව දුරටත් සදහන් කරන ලද්දේ ”තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ඵලදායී ලෙස භාවිතයට ගැනීමෙන් හේතුවෙන් ආණ්ඩුවට එය බලාත්මක නොවීමට මගපැදවිය හැකි බවයි. ඒ සඳහා ඔබ වෙනුවෙන් සුබ පතන්න බවත්ය . තවද මෙම අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක වීමේ වැදගත් කම පිළිබද වැඩි දුරටත් සදහන් කරන ලදී.

බිම් මට්ටමේ ග‍්‍රාමීය කණ්ඩායම් හා මහජනතාව සමග වැඩ කිරීමේදී ඇයගේ අත්දැකීම් හුවමාරු කර ගනිමින් ජොහ්රි ප‍්‍රකාශ කරන ලද්දේ සිවිල් සමාජ ක්රියාකාරීන් විසින් ජනතාව දැනුවත් කිරීමේ වගකීම සහ එය සිදු කරන ආකාරය පිළිබද අවශ්ය මග පෙන්වීම සිදු කළ යුතු බවයි.

ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහිත රට මෙක්සිකෝව නියෝජනය කරමින්, මෙක්සිකෝ හි ජාතික විනිවිදභාවය ,තොරතුරු සදහා ප‍්‍රවේශ වීම හා පෞද්ගලික දත්ත ආරක්ෂාව කිරීමේ ආයතනයෙහි(ෂභ්ෂ* අධ්යක්ෂ ජනරාල් නීතිඥ මුණ්සිස් ඩයස් (ඵමබද‘ ෘස්‘* මහතා ප‍්‍රකාශ කරන ලද්දේ නිර්නාමිකභාවය රැුක ගැනීම හා මෙම අයිතිවාසිකම ජනතාව භාවිතා කිරීම සඳහා පුද්ගලයින් දිරිමත් කර ඇති ආකාරයයි.

මෙක්සිකානු නීතියට අනුව, ඕනෑම පුද්ගලයෙකුට පුරවැසියෙකු හෝ පුරවැසික් නොවන පුද්ගලයෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මගින් තොරතුරු ලබා ගත හැකි අතර එ පුද්ගලයා තම අනන්‍යතාවය සදහන් නොකළ යුතු බවත් අයදුම්පත පිරවීමේදී වෙනත් නාමයකින් ඉදිරිපත් කර තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් ඇති බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මගින් ¥ෂණ හා අක්රමිකතා වැනි ප‍්‍රබලතම තොරතුරු ලබාගත හැකි ද යන්න පිළිබඳව ප්රේක්ෂකයන් විසින් මතු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඩයස් පෙන්වා දුන්නේ හුදෙක් විනිවිදභාවය ¥ෂණය මුලිනුපුටා දැමිය නොහැකි බවයි. මෙය හුදෙක් තොරතුරු දැනගැනීම සදහා අප යතු වූ ශක්තිමත් හස්තයක් බවයි. මෙය ¥ෂණයට එරෙහිව සටන් කිරීමේ පළමු පියවර ලෙස අපට හදුනා ගත හැකි බවය. ඔහු තව දුරටත් සදහන් කරන ලද්දේ ලබාදෙන සියලූ‍‍ තොරතුරු සියලූ‍‍ම තොරතුරු එකතු කරගැනීමෙන් ජනතාව දැනුවත් වෙනවා කොහොමද මෙම අයිතිවාසිකම භාවිතා කළ හැක්කේ කිය. ඔහු සදහන් කරන ලද්දේ තොරතුරු දැනගැනී මේ අයිතිවාසිකම යනු විසඳුමක් නොව පළමු පියවර බවයි.

ප‍්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමේ ක‍්‍රමවේදය වැඩිදියුණු කිරීමට නම් රාජ්‍ය තොරතුරු වලට පිවිසීම ඩිජිටල් ක‍්‍රමයට වර්ධනය කලයුතු බව ජයන්ත ප‍්‍රනාන්දු මහතාගේ අදහසයි. ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කරයි.

ප‍්‍රනාන්දු මහතා තවදුරටත් විස්තර කරමින් පැවසුයේ තොරතුරු එක්රැුස් කිරීමට බෙදාහැරීමට ක‍්‍රමවේදයක් රජය දැනටමත් හඳුන්වා දී ඇත. මෙය ශ‍්‍රී ලංකා ෑ- ඨදඩැරපැබඑ යටතේ සඳහන් වී ඇත. ”‍මෙවැනි තත්ත්වයක් යටතේ විවිධ ක්ෂේත‍්‍ර හරහා තොරතුරු හුවමාරුවට නීති සම්පාදනයට රටක් ලෙස අප ලෑස්තිද යන්න සිතා බැලිය යුතුයි,”‍ ඔහු පැවසීය.

සමුළුවේ දී අදහස් දක්වමින් නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය පැවසුයේ තොරතුරු පනත යනු සමාජයේ උසස් සමාජ කුලවලට අයත් නොවන වරප‍්‍රසාද නොලත් මිනිසුන්ගේ බලය බවයි.

”‍නීතියේ සිංහල හෝ දමිළ පරිවර්තන අතැතිව, උතුරෙන් නැගෙනහිරින් මෙහි පැමිණෙන ජනතාව, තොරතුරු ලබා නොදෙන රාජ්‍ය නිලධාරින්ට අභියෝග කරනවා. මෙම ජනතා බලගැන්වීමයි තොරතුරු නීතිය ගෙනා වෙනස,”‍ ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

එහෙත්, තොරතුරු නීතියේ ප‍්‍රධාන ශක්තිය වන්නේ ප‍්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමේ මුලධර්මයයි. රාජ්‍යය යාන්ත‍්‍රණයේ විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සඳහා මෙය වඩාත් සුදුසු වුවත් තවමත් මෙය ක‍්‍රියාත්මක කිරීම අභියෝගාත්මකයි. ”‍කොමිසම, පසුගිය වසර තුළ ප‍්‍රගතිගාමී අත්දැකීම් ගොඩක් ලැබුවා. ඒ මත, වෙනස්කම් බොහෝමයක් ඇතිවිය හැකියි,”‍ ඇය පැවසුවාය.

තොරතුරු පණත පිලිබඳ කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිළ මහතා, සමුළුව අමතමින් සඳහන් කළේ අප තවමත් ජීවත් වන්නේ තොරතුරු ලබාදීමට විරුද්ධ, අකමැති සංස්කෘතියක් තුළ බවයි.

”‍තොරතුරු අනාවරණය කිරීමට අකමැති නිලධාරීන් ගැනත් අපට අත්දැකීම් තිබෙනවා. නමුත්, නීතිය යටතේ ඇති විධිවිධාන පිලිබඳ දැනුවත් කළ පසු ඔවුන් කලයුතු දේ පිලිබඳ කියාදුන් විට ප‍්‍රතිරෝධය අඩුවෙනවා, අවබෝධය වැඩිවෙනවා,”‍ ගම්මන්පිළ මහතා පැවසීය. ඔහු අවධාරණය කළේ, සාමාන්‍යයෙන් ගත්කළ, රජයේ නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත මුහුණ දෙන අභියෝග පිලිබඳ විස්තර කරමින් ගම්මන්පිළ මහතා ප‍්‍රකාශ කළේ අප රටේ අඩුපාඩුවක් ලෙස පවතින්නේ ප‍්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමයි. පවතින නීතිය යටතේ රාජ්‍ය ආයතන ප‍්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමට බැඳී සිටියත් එය හරි ආකාරව ක‍්‍රියාත්මක නොවන බවයි ඔහු පැවසුයේ. ”‍රාජ්‍ය ආයතන සමඟ මේ පිලිබඳ ව දීර්ඝව සාකච්ඡු කෙරෙමින් පවතිනවා. වෙනසක් ඇතිවීමට යම් කාලයක් යයි. නමුත් අපි දිගටම උත්සාහ කරනවා,”‍ ගම්මන්පිළ මහතා පැවසීය.

අභියෝගවලට මුහුණ දෙන විට නව අදහස් හා නැවුම් මානසිකත්වයක් අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ආයතන, දැන් කොටුවි සිටින රහස් රකින රාමුවෙන් මිදී විනිවිදභාවයෙන් ආලෝකමත් වීමට දැන් කාලයයි. තොරතුරු දැන ගැනීමේ පණත එය බල කර සිටියි.

බලය හා බලවන්තයින් අභියෝගයට ලක් කරන, රජයේ පාරදෘශ්‍යභාවය හා වගවීම පිලිබඳ අවධානයෙන් සිටින ඍඔෂ වැනි නීතිවලට, අභියෝග හා දුර්වල කිරිමේ උත්සාහයන් නිතැතින් ම එල්ල වේ. එම නිසා, තොරතුරු පණතත් එහි අනාගතයත් සුරැුකීම, සිවිල් සංවිධාන ක‍්‍රියධාරයින්ගේ, මාධ්‍ය සගයින්ගේ හා පොදු මහජනතාවගේ යුතුකම නොවන්නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like

තහනම් ආම්පන්න වලට වැට බැදීම

මංගලනාත් ලියනආරච්චි.   –   ත්‍රිකුණාමල ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ තිස් දහසකගේ