තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ශ්‍රී ලංකාව

තොරතුරු දැනගැනීම අයිතිය සහ ශ්‍රී ලංකාව

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ නීතියේ ලාංකේය ගම න්  මග දෙසට අවධානය යොමු කිරීමේදී එය ඉතා දුෂ්කර සහ අසීරු තත්ත්වයක පැවති බව දැකිය හැකිය.

1995 මාධ්‍ය නිදහසට සහ ප්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප්‍රතිසංස්කරණයසදහා කමිටු ප්‍රධානි ජේෂ්ඨ නිතිඥ ආර්.කේ.ඩබ්ලිව් ගුණසේකර මහතා (එකල රජය විසින්) මාධ්‍ය නිදහස් සහ මාධ්‍යයේ විනිවිදභාවය පිළිබද උපදේශක ලෙසට නීති ප්‍රතිසංස්කරණය පත්කරන ලදී. කමිටු විසින් තොරතුරු නිදහස පිළිබද පනත සැලසුම්කරණයට නිර්දේශ කරන ලදී. වාර්තාවට අනුව 1996 කමිටු වාර්තාව මගින් ශ්‍රී ලංකා නීති කොමිසමේ ප්‍රධානියා වන විනිශ්චකාර  ඒ.ආර්.බී අමරසිංහ මහතා විසින් තොරතුරු නිදහසේ කෙටුම්පත සැළසුම් කිරීමට කටයුතු කරන ලදී. 2000 වර්ෂයේ ඉදිරිපත් වුනු සැලසුමට අනුව ව්‍යවස්ථානුකුල කෙටුම්පතක් මෙන්ම මෙහි “තොරතුරු දැනගැනීම” පිළිබද වගන්තියද ඇතුළත්ව තිබුණද මෙය පාර්ලිමේන්තුව මගින් සම්මත වුයේ නැත.

මේ අතර, ශ්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද නීතිය රටේ ව්‍යවස්ථා පොතට ඇතුළත් කිරීම සදහා ප්‍රබල ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. ශ්‍රී ලංකාවේ වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය සහ ශ්‍රී ලංකා කතෘ සංසදය යන ආයතනවල මගපෙන්වීම මත ඇති කර ගත 1998 වසරේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබද කොළඹ ප්‍රකාශනය සහ ඉන් පසුව 2008 වසරේදී ඇති කර ගත් සංශෝධන ද මගින් ශ්‍රී ලංකාව තුළ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද නිතියක අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

ඉන්පසුව, අග්‍රාමාත්‍ය කමිටුව 2004 වසරේ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබද පනත කෙටුම්පත සකස් කරන ලද අතර එය එවකට පැවති අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමත් සමග පනත් කෙටුම්පත විවාදයට නොගැනිණි.  2010 වසරේදී එවකට අධිකරණ අමාත්‍යතුමා ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ මුල පිරීමක් වශයෙන් මෙම පනත් කෙටුම්පත සංශෝධනය කරන ලදී. එළඹුණු මහා මැතිවරණය හේතුවෙන් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවිය. 2011 වසරේදී එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ කරු ජයසූරිය මහතා 2004 වසරේදී කෙටුම්පත් කළ තොරතුරු දැනගැනීමේ නිදහස පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්  ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා  ලදී. පසුව, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන්සභාව 2011 වසරේ එහි අවසාන වාර්තාව තුළ රජය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද නීතිය හදුන්වාදීම නිර්දේශ කර තිබු අතර එය 2013 වසරේ එම කොමිෂන් සභාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරී ලක්ෂණයක් ලෙස ද ඇතුළත් කරන ලදී.

2016 ජුනි මස 23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත  සම්මත කිරීම ආරම්භ විය. මේ තුළින් පුරවැසියාගේ මුලික අයිතිවාසිකමක් වන තොරතුරු අයිතිය පුරවැසියා සතු විය. තොරතුරු දැනගැනීමේ අයිතිය ඔස්සේ පුරවැසියාට නව අයිතිවාසිකමක් ලැබෙන බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කරගත යුතු වේ. මේ තුලින් සිදුවන්නේ  ව්‍යවස්ථානුකුලව සිදුකරනු ලබන ක්‍රියාවලියට අනුව නිවැරදි තොරතුරු 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුකුලව ලබාගැනීමයි.