“පාරම්පරික ඉඩම් අයිතිය වෙනුවෙන් සටන් වඳින විහාරගම් වැසියෝ”

“පාරම්පරික ඉඩම් අයිතිය වෙනුවෙන් සටන් වඳින විහාරගම් වැසියෝ”

- in පුවත්
481
0
manula story

සරත් මනුල වික්‍රම

තේවාවට නැගෙන ඝාන්ඨා හඬේ ඔවුන්ගේ ශෝකය හෝ අභිමානය රැව්දෙන්නේ නැත.ඒ හඬ සමස්ත ලෝවැසියන් වෙනුවෙනි. අදත් සිහසුනේ සිටින අයගේ සිට යාචකයා දක්වා ඔවුනගේ ආශිර්වාදය ලබති. ඒත් සියවස් ගණනාවක් පුරා ඔවුහු අනුන් වෙනුවෙන් දුක් විඳිති.

‘‘ අපට ජීවත් වෙන්න ඔටුනු සිහසුන් එපා.අපි ඔටුනු සිසුන් රජමාළිගා තිබු අය වුනත් අද  අපි ඒ කිසිවක් ඉල්ලන්නේ නෑ. ජිවත් විමේ මූලික අයිතිය වෙනුවෙන් පදිංචි ඉඩමේ අයිතිය හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලික සංවර්ධන අවස්ථා ටික විතරයි ඉල්ලන්නේ.අවුරුදු දෙසීයකට කලින් අපේ මාළිගාවල් හා රාජ සමයේ සිට ලැබුණු උසස්නාගරික පහසුකම් සියල්ල අපිට තිබුණා.ඒ සියල්ල අපට නැති වුණේ ඉංග්‍රිසින් ශ්‍රී මහා බෝධී ස්ථානය වටා ඔවුන්ගේ උසාවි, කච්චේරි ආදී පාලන මධ්‍යස්ථාන පිහුටුවාගත් නිසා. අපි බෝධිගුප්ත පරපුරෙන් පැවැත එන ශාක්‍ය වංශික පරම්පරාවක්. බෝධිගුප්ත කුමාරයාගේ පරපුර වෙනත් ජන වර්ගවලට මිශ්‍ර නොවුණු පවිත්‍ර කුළ පරපුරක් ලෙස පැවැතිය යුතුබව මිහිඳු මාහිමියන්ගේ ප්‍රාර්ථනාව නිසා ඉංග්‍රීසින් අතින් අපේ   කුළ කාන්තාවන්ට අතවර සිදුවීමෙන්වැ ළකිමට අපි එදා රාජකීය සම්පත් සියල්ල අතහැර  වනගත ප්‍රදේශයකට ජීවත් වෙන්න ආවා ඒවාට තමා විහාරගම් කියලා වර්තමානයේ හඳුන්වන්නේ. ‘‘ යැයි අද අසාධාරණයට ලක්වු බව කියන බෝධිගුප්ත පරපුරට හඬක් එක් කරන ඇය නිලුකා ආරියදාස යි. නිලුකා අනුරධපුර මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාර හල්මිල්ලකුලම ගම්මානයේ පදිංචි සමාජ සේවිකාවකි.

ඇය නියෝජනය කරන බෝධීන් වහන්සේගේ ආවතේව හා ආරක්ෂාව භාර වර්තමාන විහාරගම් නවයක සිටින පවුල් අටදහසක පමණ ජනයා වෙසෙයි.ඒවා විහාර කල්ලංචිය,විහාර බුලංකුල්ම, විහාර හම්මිල්ලකුලම,  විහාර තිරප්පනේ,විහාර පාළුගම,විහාර මැදවච්චිය, පුසියන්කුලම,කැප්පෙටියාව  හා ඉලුප්පුක්ලම වශයෙනි. මේ දින වල විහාර ගම් වාසීහු තම පදිංචි ඉඩම් වලට ඔප්පු ඉල්ලා රජය හා අරගලයක හිදිති.එම අරගලය මෙහෙයවන උරුමය සුරකීමේ සංවිධානයේ අනුශාසක ගෝනගල ඤානාලෝක හිමියන් පෙන්වා දෙන්නේ මේ ඉඩම් අයිතිය නොදීම හරහා දරුවන් පාසලට ඇතුළත් කිරීම,බැංකුණය ගැනීම, නිවාස තනා ගැනීමහා දරුවන්ට ඉඩම් පැවරීම යන කරුණුවල දී ගම්මුන් අසරණවි ඇති බවකි. ඒ වෙනුවෙන් සටන් කළ ඔවුහු පසු ගිය මාසයේ දී මානව හිමිකම් නඩුවක් ගොනු කළහ. ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඊට වග උත්තර කරුවන් වූ අතර රජය ක්‍රියාත්මක කරන ‘බිම් සවිය‘ වැඩ සටහන යටතේ විහාර ගම් නමයේ ද පදිංචි කරුවන්ට ඉඩම් බෙදා දෙන ලෙස මානව හිමිකම් කොමිසම තීන්දු ලබා දුන්නේ ය.

ඉඩම් වලට කිසිදු බලපත්‍රයක් නොමැතිවීම නිසා මෙම ජනතාවට සංවර්ධනයට බාදාවකි. දරුවෙකු පාසලට ඇතුළත්කි රීමේ දි ,බැංකු ණයක් ඉල්ලුම් කිරීමේ දී මෙන්ම ව්‍යාපාරයක් ඇරඹීමේ දී මෙම හේතුව තදින් බලපායි. එයට ඔවුන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය වූවේ තිබෙන ඉඩම් ද විහාර දේවාලගම් පනත යටතට පවරාගෙන ඔවුන්ගේ අයිතිය අහිමි කිරීමට රාජ්‍ය නිළධාරින් පිරිසක් ද සහයෝගය ලබාදෙමින් සිටියි . ප්‍රශ්නය පාර්මේන්තුවේ කමිටුවක් දක්වාම දුරදිග ගියේය . මෙම ගම්මානවල අයිතිය යම් විහාරයකට ලබා දීමේ කටයුතු දියත් කිරීමට් අනුරාධපුරයේ සේවය කළ රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුට භාර දි තිබුණි. රාජ්‍ය නිලධාරියෙකුට එසේ එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටිය හැකිද යන්න ද ප්‍රශ්නයකි.

එම සාකච්ඡාවේ තොරතුරු වසන් කරගෙන එහෙත් එහි දී ගන්නා ලද තීරණවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී හා මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මේ සඳහා ඉදිරි කටයුතු ද කරගෙන යනු ලැබිණි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම තොරතුරු  සොයා බැලීමට ගම්වාසීන් පෙලබිණි. හම්මිල්ලකුලම විහාරාධිපති ගෝනගල ඥානාලෝක හිමියෝ   ඒ පිළිබඳ ගම්වසීන්ව නුවත් කළහ . ඒ වන විට ඔවුන් මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පැමිණිල්ලට අනුව

ඒ සඳහා තොරතුරු සැපයීමට ගම්මානයේ ඉඩම් විස්තර, අවසාන ගම් සිතියම ආදිය අවශ්‍ය විය. නිලධාරීන් ගම්වැසියන්ට ඒවා හංගා තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොරතුරු පනත යටතේ  අයදුම් කිරීමෙන් ගම්වාසීන්ට සිය ඉඩකඩම් පිළිබද තොරතුරු ප්‍රථමවරට ලිඛිතව ලබාගැනීමට හැකි විය. ඒ අනුව තීරණයක් ගත් මානව හිමිකම් කොමිසම රජයේ බිම් සවිය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදෙන ලෙස නිලධාරින්ට නියෝග කළේ ය.

එම තීරණය මගහරිමින් නිලධාරීන් කළ ප්‍රමාදය නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට, පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට, අනුරාධපුර මහ දිසාපති වරයාට හා  මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් වරයාට ද ඔවුන් පවත්වන විහාරගම් වලට අදාළ කමිටු වල වාර්තා ඉල්ලා දිගින් දිගටම තොරතුරු පනත යටතේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමට ගම්වාසීන් පෙළඹිණි.

manula story1

ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු දීම වෙනුවට ඔවුන්ට සිදුව ඇති අසාධාරණය ගැන සාකච්ඡා කිරීමට දුරකථනයෙන් ගම්වාසීන් අමතා ඇත.එමෙන්ම දිසාපති වරයාගේ ප්‍රධානත්වයෙන් සකච්ඡා වට කිහිපයක් පැවැතිවීමට ද අවස්ථාව සැලසිණි. එම සාකච්ඡා වල දී නිලධාරීන් පාර්ශවගතව කටයුතු කළ බව පවසමින් ඊට එරෙහිව නැගී සිටීම සඳහා මෙම පිරිස ‘උරුමය සුරැකීමේ සංවිධානය‘ නමින් සංවිධානයක් පිහිටුවාගෙන අඛණ්ඩ ජනතා ව්‍යාපාරයක් ඇරඹීමට තරම් මේ තොරතුරු ඉවහල් කරගනු ලැබිණි. එම කමිටුවලට ලබාදී ඇති ප්‍රභූන්ගේ රහස් ලේඛන වල පිටපත් ද ඉල්ලා තොරතුරු පනත යටතේ අයදුම් කිරීමට මෙම සංවිධානය කටයුතු කළේ ය.

ගම්වාසීන්ගේ ඉඩම් වලට අයිතියක් නැති බවටත් ඒවා අටමස්ථානයට අයිති බවටත් නිළධාරීන් පිරිසක් තර්කයක් ගොඩ නගා තිබුණි. එයට පිළිතුරු බැදීම සඳහා විහාර ගම්මාන වල පදිංචි ජනතාවගේ සියලු ඉඩම් වල සියලු විස්තර ඉල්ලා ගෝනගල හිමියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ අයදුම් පතට පිළිතුරු ලෙස පිටු සිය ගණනක ලේඛනයක් ලැබිණි. ඒ අනුව පංසල් වලට අයත් කිසිම ඉඩමක් නොමැති බව ඔප්පු විය .

ගම්වාසීන් ලබාගත් එම තොරතුරුත් අතැතිව කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන්  ප්‍රාදේශීය ලේකම් සමග අවසානයේ පැවැති සාකච්ඡාවේ දී ‘බිම් සවිය‘ වැඩසටහන යටතේ කඩිනමින් ඔප්පු ලබාදීමට ප්‍රාදේශීය  ලේකම් වරයා උරුමය සුරැකීමේ සංවිධානයට පොරොන්දුවී තිබේ. සංවිධානයේ ලේකම් පී.පියසිරි මහතා පවසන්නේ මෙම ඉඩම් පන්සලක් සතු විහාරගම් නොවන බවත් ඒවා රජයේ ඉඩම් බවත් ය. ඒ බව තොරතුරු පනත මගින් ලබාගත් ලේඛන වලින් දැන් ඔප්පු වීඇති බවත් ඔහු පවසයි.

‘‘ මෙහෙ ගම්වල කොතැනක හෝ පන්සලේ ඉඩම් තිබෙනා නම් ඒවා ගත්තාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒත් අපි ඉල්ලන්නේ දැන් පරම්පරාවන් ගණනාවක් අපි සිටින මේ ඉඩම් රජයේ ඉඩම්. ප්‍රාදේශීය ලේකම් යටතේ තිබෙන්නේ.වෙන ගම් වල පදිංචි කරුවන්ට ඉඩම් දෙන සමාන නීතියට අපටත් ඉඩම් දෙන්න කියලා.අපට සංවර්ධනය නෑ. වෙන ගම්වල ජල ප්‍රශ්න වාරිමාර්ග ප්‍රශ්න ආදියට සැළසුම් තිබෙනවා. අපට සදාකල් සංවර්ධනය නෑ.අඩුම ගණනේ වෙන ජනතාවට වෙන ගම්වලට තිබෙන පහසුකම්වත් අපට දෙන්න කියලා අපි ඉල්ලන්නේ ‘‘යැයි ඔහු කීවේ ය.

මෙස් සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පැවැත්මට බාදා නොවන පරිදිත් ජනතාවගේ අයිතිය ආරක්ෂා වන පරිදත් වඩාත් නිවැරදි විසඳුමකට ඒම  තම අරමුණ බවයි.

‘‘මේ ගම්මාන වල අයට ශ්‍රී මහා බෝධියේ රාජකාරීය අනිවාර්යයි.මේ ඉඩම් වෙනත් ආගම්වලට සම්බන්ධ අය මිළට ගතහොත් අනාගතයේ දී ගැටලුවක් නිර්මාණය වෙනවා.මේ නිසා බාහිර අයට මේ ගම් වල ඉඩම් මිලට ගත නොහැකිවන පරිදි නීති ගෙනා යුතු බවට මහා විහාරයෙන් කරන ලද ඉල්ලීමකට අනුව විශේෂ කමිටුවක් කටයුතු කරගෙන යනවා. මේ අවය බලපත්‍ර දෙන්න ඔනෑ කියන තීරණයේ මමත් ඉන්නවා.මේ ගම්වල දැනට සිටින අය විහාරගම් වාසීන්ද නැද්ද යන්න තෝරාදීම පමණක් අපි මහා විහාරයෙන් බලාපොරොත්තු වෙනවා.බලපත්‍රයක් දීමේ දී මේ  අයට පවරණ කොන්දේසි මොනවාද යන්න ගැන නිර්ණායක ඉදිරිපත් කිරීම අප කරගෙන යනවා.ඒවා ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුවේ නීතියකින් සම්මත වේවි. මෙතන වූ ඓතිහාසික වරදකුත් තිබෙනවා. විහාරගම් ලෙස පුරාණයේ තිබුණු ඉඩම් ඉංග්‍රීසි  පාලන කාලයේ දී රැක ගැනීමට මහා විහාරය අසමත් වෙලා.ඒ ඉඩම් මුඩුබිමි පනත මගින් පවරාගෙන නිසා මහ විහාරයටත් අහිමියි.‘‘ යනුවෙන් මහ දිසාපති වරයා ප්‍රකාශ කළේ ය.

බෝධිය ඔවුන්ගේ ය.තේවා කටයුතු ආරක්ෂක කටයුතු හා බෝ මුළුවේ පවිත්‍රතා ආදි වගකිම් ඔවුන්ගේ ය. රටේ කාටත් ආශිර්වාදය ලබාගත හැක.නිවන් මග ද අවබෝදකරගත හැක.හැමෝගේම බලාපොරොත්තුද ඉටුවේ.  ඒත් හැමදාම බලාපොරොත්තු ඉටු නොවන්නේ බුදුන්ගේ ශාඛ්‍ය වංශික නෑයන්ගේ ය.නියං කාලයේ ගඩොල් කැපීමෙන්, ගා කන්නයේ දී හේන් කුඹුරු කිරීමන් මේ බහුතරයක් ජීවිතය ගැටගසා ගති.මහ පොළව සමග පොර බදා ජීවිතය ඉල්ලනවා මිස  මේ අය  බෝධිය පාමුල සිට කාසි නෝට්ටු ඉල්ලා බෝ සම්දුගෙන් මුදල් ඉල්ලා කන්නලව් නොකරති. ඒ වන් වූ මිනිසුන්ව බලගැන්වීමට ඉවහල් වුණේ තොරුත දැනගනීෆම් අයිතියය.

ඡායාරූප – විහාරගම් වැසියන් ඉඩම් ඔප්පු ඉල්ලා අරගල කල  අයුරු නිලුකා පියසිරි බලගැන්වුණු පිරිස මාධ්‍ය හමුවක තොරතුරු ඉල්ලූ අයදුම් පතක් ලබාගත් තොරතරු වල පිටපත් කීපයක් උරුමය සුරැකීමේ සංවිධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like

තොරතුරු පනතට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලබන නියෝග (2017/2018)

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාව