ඉඩම් අයිතිය සොයා යන ඌව වෙල්ලස්සේ ගොවීන්ගේ සහයට පැමිණි තොරතුරු අයිතිය.

ඉඩම් අයිතිය සොයා යන ඌව වෙල්ලස්සේ ගොවීන්ගේ සහයට පැමිණි තොරතුරු අයිතිය.

- in පුවත්
117
0
Lasantha

 

ලසන්ත ද සිල්වා-  බණ්ඩාරවෙල

1980 දශකයේ ආරම්භයේ, නව සංවර්ධන ප්‍රවේශයක් සමග ඌව වෙල්ලස්ස එස බැලීමට එවකට පවතී ආණ්ඩුව ක්‍රියා කළ සමයකි.මහවැලි කළාපයේ ඉඩම් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වලට යොදා ගැනෙන අතර ක්‍රමවත් වාරි  ජලසම්පාදන යෝජනා ක්‍රම හදුන්වාදීමට  ශක්‍යතාවයක් නොමැති වූ ඌව වෙල්ලස්සට යෝජනා කෙරුනේ මහා පරිමාන  වගා ව්‍යාපෘතියකි. ඒ වැල්ලවාය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටශවල ඉඩම් අක්කර දහස් ගණනක් යොදා ගැනෙන උක් වගා ව්‍යාපෘතියකි. බුකර්ටේට් සමගම ආයෝජකයා ලෙස වගා ව්‍යාපෘතිය ආරම්භ කිරම සදහා රජය සමඟ ගිවිසුම් ගත විය.

ගිවිසුම් ප්‍රකාරව වහාව සඳහා භුමිය සම්පාදන කිරීම රජයේ කර්ත්වයක් වූ අතර වනයට යටව පැවති පුරන්ව ගිය ඉඩම් සහ ඒ වනවිටත් පාරම්පරික හේන් බිම් ලෙස පැවති වගා ඉඩම්ද රජයට  පවරගෙන සමාගමට ලබාදුනි. ගොවින් වගා කරමින් සිටි ඉඩම් අතරින් සමහරක අයිතිය විහාර දේවලගම පනත යටතේ ආගමික ස්ථාන සතු විය.

ගොවින් වගාකරමින් සිටි ඉඩම්ද ඇතුළු  සමාගමට පවරා දුන් ඉඩම් සමාගම යටතේ වගා කිරීමේ පදනම් යටතේ පැරණි ගොවින් සහ ජානපදිකයන් අතර බෙදාදීම සිදුවුයේ සෑම ගොවියෙකුටම නිවෙස තනාගෙන පදිංචියට අක්කර භාගයක් සහ වගාවට අක්කර දෙකක් වශයෙනි. බ්ලොක් වශයෙන් හැදින්වූ යාය ගණනාවක මෙලෙස ගොවි පවුල් දහස් ගණනක් පදිංචි කිරීමට ක්‍රියා කෙරුනේ ගොවීන්ට ඉඩම්වල අයිතිය පිලිබඳ සහතිකාවක් ලද නොදෙමිනි.

 විරෝධය මුල සිටම

ඉඩම් අත්පත් කර ගැනීම සහ සින්නක්කර අයිතිය අහිමිවීම තුළින් වෙල්ලස්සේ බිම් අයිතිය අහිමි වන බව පැවසු ජනයා විරෝධතා ආරම්භ කලේ මුල් කාලයේදීමය. බහුජන සංවිධානවල සහයද ලැබුණු වේ සටන් එවකට ජනයාට ආශ්වාදජනක හැගීමක් අත්කරදුනි.රත්න ශ්‍රී විජේසිංහ ලියු ගුණදාස කපුගේ ගැයූ බිම්බරක් සෙනඟ ගැවසුණු ගීයද මේ සිදුවීම් දාමය අරභයා නිර්මාණය කෙරුණු අතර වෙල්ලස්සේ ගීතය නමින් ප්‍රචලිත විය. ජන විරෝධය නොතකා ව්‍යාපෘතිය ආරම්භ වූ අතර දශක තුනකට පසු අප එහි යනවිටත් හුදකලා සටනක්ව වී තිබුණි. ඔවුන්ට සහය දැක්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය කරමින් සහය දුන්නේ ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සන්විධ්නයයි.එහි සභාපති කේ. පී සෝමලතා සමඟ අප කළ චාරිකාවලදී වෙල්ලස්සේ ජනයා සඳහන් කලේ අවසන තමන්ට උරුම වුයේ හේතුව හදුනා නොගත් වකුගඩු රෝග පමණක් බවයි.

අයිතිය නැති බිමක වැසියන්ගේ අදෝනාව

පැලවත්ත සීනි සමාගමේ ඉඩම්වල වග කරන ගොවින් අපට පෙන්වා දුන් තමන් පෙලෙන ගැටළු රැසකි. ඒ සෑම ගැටළුවකටම බලපාන කේන්ද්‍රීය සාධකය ඉඩම් හිමිකමයි. දරුවන් පාසලට ඇතුළත් කරගැනීමට,ජලය විදුලිය ලබා ගැනීමට සමාගමේ පිහිට පැතීමට ඔවුනට සිදු වී තිබුණ. බැංකු ණයක් ලබා ගැනීම සිහිනයක් පමණක්ම විය. තමන්ටම කියා ඉඩමක අයිතිය නොමැති බව කියා ප්‍රතික්ෂේප  කිරීමට භාජනය වූ විවාහ ගණනාවකි. ඒ අනුව ඔවුන් නුතන ප්‍රවේණිදාස පිරිසකි.

අරගලයේ නව ස්වරුපය

80 දශකයේ ශක්තිමත් සටන් වයපරයක්ව තිබී හීනව ගියද ඔවුන්ගේ අයිතිය උදෙසා අරගලය නොනිවී ගින්නක්ව තිබුණේය. ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය උත්සහ ගත්තේ ගොවින් සංවිධාන කරමින් නීතිමය පියවරකට යොමු වීමටයි. එහෙත් ඔවුන් හමුවේ පැවති බරපතලම ගැටළුව එවැනි කාර්යයකට යොමුවීම සඳහා අවශ්‍ය මුලික තොරතුරු නොතිබීමයි. ඒ වනවිට ගොවින් ඉල්ලා සිටියේ නිවස තනාගෙන තිබු ඉඩම් අක්කර භාගයේ අයිතිය පමණක්වත් තමන්හට ලබාදෙන ලෙස වුවත් ඉඩම් අහිමි ගොවින් සංඛ්‍යාවත් ප්‍රකාශ කිරීම සමාගම මග හැරියේය. රාජ්‍ය බලධාරීන්ද තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවල දැක්වූ ප්‍රතිචාර ඉතාම දුබලය.

l2  20180827_090806

ඒ අතර තොරතුරු අයිතිය පිලිබඳ දැනගැනීමට ලැබීම අරගලය නව මාවතකට යොමු කළ අතර තමන්ට අවශ්‍ය තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කිරීමට කේ. පී සෝමලතා ඇතුළු පිරිස ක්‍රියා කළහ. එහිලා අපේක්ෂා නොකළ තරමේ සුබවාදී ප්‍රතිචාර ලැබුණු අතර පැල්වත්ත සීනි සමගම සහ මොණරාගල දිසා ලේඛම් කාර්යාලය ඉල්ලා සිටි තොරතුරු ලබා දුන්නේය. එම තොරතුරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රමවත් ප්‍රවේශයක් සපයන බව අරගලයේ නිරත ගොවීන්ගේ සහ ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සන්විධ්නයේද අදහසයි. ඔවුන් දැන් ඒ සටන නව අරයකින් යළි අරඹා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like

තොරතුරු පනතට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලබන නියෝග (2017/2018)

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාව